Friday, January 26, 2018

යෝගට් වලින් සම පැහැපත් කරන විශ්මිත සත්කාරය

යෝගට් වලින් සම පැහැපත් කරන විශ්මිත සත්කාරය 


                                                කිරි සාරයෙන් සමන්විත යෝගට් අපගේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කළ හැකි කදිම සත්කාරයකි. කිරි අඩංගු වන යෝගට් වලින්  සම පැහැපත්වීමට, කැළැල් ඇතිවීම පාලනය කිරීමට සහ සම එල්ලා වැටීමට සත්කාර කළ හැකිය. කුරුලෑ සමට  සත්කාර කිරීමටද යෝගට් කදිම සත්කාරයකි. අව් රශ්මියෙන් හානි වූ සමට ද යෝගට සත්කාරය කළ හැකිය. 
                                                                                යෝගට් සත්කාරය සාදාගන්නා ආකාරය:- යෝගට් කෝප්ප භාගයකට දෙහි බින්දු කිහිපයක් එකතු කර කඩට පිටි තේ හැදී 2ක්ද එයට එකතු කරගන්න. මෙම ආලේපනය මුහුණේ සහ  ගෙලෙහි අලේප කරන්න. විනාඩි 30කට පසු හොදින් සෝදාහරින්න. මෙම පැක් එක සතියකට වරක් සිදුකිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිය.

              තෙල් සහිත සමට යෝගට් දිනපතා වුවද ගැල්විය හැකිය. නමුත් මෙම පැක්එක ආලේප කිරීමේදී එයට මුන් ඇට පිටි සහ දෙහි යුෂ එකතුකර  ගන්න. සම පැහැපත් වීමට කහ, යෝගට් සහ මුන් ඇට පිටි මිශ්‍ර කරගත් මිශ්‍රණය කුරුලෑ  සහිත සමට වඩාත් සුදුසු වේ. අව්වට අවපැහැ ගැන්වූ සමට හාල් පිටි , යෝගට් සහ දෙහි මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය අව්වේ පිලිස්සී අවපැහැ ගැන්වූ සමට කදිම සත්කරයාක් වේ. සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා යෝගට් දෙහි යුෂ සහ කෝමාරිකා මිශ්‍ර කරගෙන පැක්‌  එකක් ලෙස ගෙන ඔබගේ සමෙහි අලේප කරන්න. සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා එය හොදම සත්කාරයකි. මෙම විවිද සත්කාර මඟින් සම පැහැපත් කරගත හැකිය.

Tuesday, January 23, 2018

රුව වඩන කැරට්

රුව වඩන කැරට් 

                      සුන්දරත්වය ආරක්ෂා කරගැනීම සඳහා කැරට් ඉතා වැදගත් සත්කාරයකි. කැරට් ශරීර සෞඛ්‍යයට ගුණදායක බව අප කවුරුත්  දන්නා රහසකි. කැරට් විශේෂයෙන්ම අක්ෂි, සම, දත්සහ ආහාර ජීර්ණ පද්දතියට සුවදායක වේ. කැරට් තුල සපිරි මෙම වාසි නිසා විවිද පාන වර්ග කැරට් භාවිතයෙන් සකස් කරනු ලැබේ. කැරට් යුෂ පානය  කිරීමෙන් අපගේ ශරීරයට අත්වන වාසී රැසකි.
  
  • කැරට් විටමින් A වලින් පොහොසත් වේ. කැරට් යුෂ දිනපතා පානය කිරීම මඟින් අක්ෂි සෞඛ්‍ය වර්ධනය වන අතර අස්ථි වල පටක වලට අවශ්‍ය වර්ධනය වේගවත් වේ.
  • කැරට් වල විටමින් C අඩංගු වේ. කැරට් යුෂ දිනපතා පානය කිරීමෙන් සමෙහි කොලේජින් නිර්මාණය වීම දත්, අස්ථි සහ පටල වළ සෞඛ්‍ය වර්ධනය වීම සිදු වේ. කැරට් ඉතා උසස් ගනයේ ප්‍රති ඔක්ශිකාරකයක් වන නිසා ඔබ පානය කරන කැරට් යුෂ පානයට දෙහි හෝ ලෙමන් එකතු කරා පානය කරන්න.
  • කැරට් තුල පොටෑසියම් ද අඩංගු වේ. ශරීරයේ සෛල තුළ විද්‍යුත් විචල්‍යයන් සහා තරලයන් නිසි ලෙස සමබර කිරීමට අත්‍යවශ්‍ය ඛනිජයන් මේ තුල අඩංගු වේ. මාංශපේශිවල නිසි ක්‍රියාකාරිත්වයට ද කැරට් ඉතා ගුණදායක වේ.
  • කැරට් යුෂ පානය කිරීම මඟින් මාංශ පේශි පෙරලීම, කුරුලෑ ඇතිවීම, වකුගඩු රෝග සහ සම වියලීම දුරුකිරීම සිදු කරයි.
  • කැරට් විටමින් හා ඛනිජ වලින් පොහොසත් වේ. උදැසන කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම මඟින් ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලැබේ. 
පැහැපත්විමට කැරට් සත්කාරයක්  

            කැරට් ගෙඩි දෙකක් හොදින්සෝදා තම්බාගන්න. ඉන් පසු එම කැරට් ගෙඩි දෙක හොදින් පොඩි කර එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න. එම ආලේපනය මුහුණේ අලේප කර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙම සත්කාරය සතියකට දෙවතාවක් සිදු කරන්න. එවිට ඔබට ඉක්මන් ප්‍රථිපල ලබාගත හැකිය.
                                                       මුහුණේ ප්‍රානවත් බව රැක  ගැනීමට සහ සම රැලි වැටීම වැළකීමට කැරට් ඉතා වැදගත් සත්කාරයක් වේ. සමේ පැහැපත් බව ආරක්ෂා කරගැනීමට ද කැරට් ඉතා වැදගත් වේ.


  

Monday, January 22, 2018

අදුරු දෙතොල්වලට රෝස පැහැයක්

අඳුරු දෙතොල්වලට රෝස පැහැයක් 


                                       දිගු කාලයක් තොල් ආලේපන ගැලවීම මඟින් දෙතොල් වල රෝස පැහැය අඩු වී අදුරු පැහැයක් ගනියි. මිට අමතරව දුම්බීමට පුරුදු වූ පුද්ගලයන්ගේ පෙනුමත් රළු හා අඳුරු පැහැ ගැන්වෙයි. දෙතොල් අවපැහගැන්වීමට තවත් විවිද වූ හේතු පවතී. ඒවා අතරින් අඩු රුධිර සංසරණය , අධි පීඩනය, අධික ආද්‍රතව, නිදාගැනීමට පෙර මේකප් නොසේදීම යන හේතු වේ.
                                      අපි අද ඔබට පවසන්නේ අදුරුපැහැගැන්වූ  දෙතොල් රෝස පැහැය නැවත ඇතිකර ගැනීමට සහ ඒවා තවත් ආකර්ෂණය කර ගැනීමට භාවිතා කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳවයි.
            මුලින් ම නැවුම් දෙහි ගෙඩියක් ගෙන මිරිකා දෙහි යුෂ කෝප්පයක් සාදාගන්නා. ඉන්පසු සීනි තේ හැදී 1ක් මෙම දෙහි කෝප්පයට එකතු කරන්න. සීනි කැට දිය නොවන ලෙස කලවම් කර ගන්න. සාදාගත් මිශ්‍රණය තොල් වල ගලවන්න. ටික වෙලාවක් සෙමින් අතුල්ලන්න. මෙය අතුල්ලා ගැනීමේදී තොල්පටවල ඇති මැරුණු සෛල සෙමෙන් ගැලවී යයි. ටික වෙලාවකින් තොල් උණු ජලයෙන් සෝදාහරින්න . මෙම සත්කාරය සිදු කිරීමෙන් තොල් වලට රෝස පහැයක් සහ දීප්තියක් පැමිණේ. මෙම ප්‍රතිකාරය දින 05ක් හෝ 06ක් එකදිගට සිදුකිරීම මඟින් තොල් වල රෝස පහැය සම්පුර්ණයෙන්ම ලබාගත හැකිය.

    තොල් ආලේපන ගැල්වීමෙන් පසුව නිදාගැනීමට පෙර ඒවා හොදින් ඉවත් කර ගැනීම පුරුද්දක් කර ගතයුතුය. එසේම නිදා ගැනීමට පෙර තොල් මත දෙහි යුෂ අලේප කර නින්දට යාමෙන් වඩාත් සුවදායි ප්‍රතිපල ලගාකරගත හැකිය. මෙම ප්‍රතිකාරය තොල්වල රෝස පැහැය පවත්වා ගැනීමට උපකාරී වනවා වගේම තොල් මත සම ආරක්ෂා කරයි.    




කුරුලෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට තක්කාලි සත්කාරය

කුරුලෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට තක්කාලි සත්කාරය



                                               තක්කාලි යනු අපි එදිනදා  භාවිතා කරන ආහාරයකි. අපගේ රුව ලස්සන කර ගැනීම සඳහා ද තක්කාලි භාවිතා කළ හැකිය. තක්කාලි සතුව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොෆෙන් මගින් අපගේ සමට වාසි රැසක් අත්කරදෙයි. මේ ප්‍රතිඔක්සිකාරකය මගින් සම පාරජම්බුල කිරණින් ආරක්ෂා කරයි. අකලට සම වයසට යෑම වැලැක්වීම සහ චර්ම පිලිකා ඇතිවීම වලක්වාලීමක් සිදු වේ. 
                                                                                    තක්කාලි තුල ඇති ප්‍රතිඔක්සිකාරක බලය නිසා තක්කාලි යුෂ සම මත අලේප කිරීමෙන් සමට හානිවීම වලක්වාගත හැකිය. මුහුණේ සමෙහි ඇති සිදුරු හරහා මුහුණේ ඇති තෙල් පිටතට ශ්‍රාවය වීම නිසා කුරුලා ඇතිවී එය වර්ධනය වේ. තක්කාලි යුෂ තුල අන්තර්ගතවන ආම්ලිකතාවය නිසා තක්කාලි යුෂ කුරුලෑවක් මත අලේප කිරීමෙන් සමෙහි සිදුරු සිරවීමක් ඇතිකර තෙල් ශ්‍රාවය වීම වළක්වා කුරුලෑව සුව කරයි.
                                                       තක්කාලි ගෙඩියක් ගෙන එය දෙබෑ 
කර තක්කාලි යුෂ ආශාදිත ස්ථානයේ අලේප වන පරිදි මුහුණේ අලේප කරන්න. මේ ආකාරයට තත්ත්පර 20 පමණ තක්කාලි කැබැල්ල මුහුණේ ගා ඇල් මැරුණු ජලයෙන් සෝදාහරින්න. මෙම සත්කාරය මගින් කුරුලෑ ලප කැළැල් සාර්ථකව ඉවත්කර ගත හැකිය. එසේම මුහුණේ ඇති කුණු දුහුවිලි ආදිය ද ඉවත්කරගත හැකිය.

             face wash එකක් ලෙස ද තක්කාලි භාවිතා කළ හැකිය. කුඩා භාජනයක් ගෙන එයට තක්කාලි යුෂ මේස හැදී කිහිපයක්  දමා එයට ලෙමන් බින්දු කිහිපයක් එක්කර හොදින් මිශ්‍ර කරගන්න. ඉන් පසු කුඩා  පුළුන් කැබැල්ලක් ගෝලයක් ලෙස සකසා මේ මිශ්‍රණයේ පොගවා සමේ අසාදනය වී ඇති ස්ථානවල අලේප කරන්න. විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර උණු ජලයෙන් සෝදා හරින්න. තක්කාලි  ලයිකොෆෙන් වලින් පොහොසත් නිසා තක්කාලි යුෂ අලේප කිරීම මගින් සම තුලට ඔක්ෂිජන් උරා ගැනීම වේගවත් කර සම ඉක්මනින් වයසට යාම වළක්වා සම රැලි වැටීම වලක්වයි. සමට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා තක්කාලි යුෂ දිනපතා භාවිතා කළ හැකිය. 
                                                   






Thursday, January 18, 2018

පෝෂණීය දොඩම් සත්කාරය


පෝෂණීය දොඩම් සත්කාරය 



                            සුන්දරත්වයෙන් අශ්චර්යයට පත්වීම සඳහා භාවිතා කළ හැකි අමුද්‍රව්‍යකි දොඩම්. මෙම දොඩම් වල සී විටමින් අඩංගු වන අතර එය සම  පැහැපත් වීම සඳහා හේතුකාරක වේ. අද අප ඔබට පවසන්නේ සම පැහැපත් කරගන්න භාවිතා කළ හැකි පහසු ක්‍රමයක් පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-             දොඩම් ලෙලි  
                                  පිරිසිදු කිරි 
                                  මී පැණි 
                                  හාල්  පිටි 

සාදාගන්නා ආකාරය :- දොඩම් ලෙලි දවස් දෙකකක් පමණ අව්වේ වේලාගන්න. ඉන් පසු එය හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු එම දොඩම් ලෙලි කුඩු තේ හැදි 02ක්, කිරි තේ හැදි 02ක් සහ මී පැණි තේ හැදි 02ක් එකතු කර ගන්න. එයට දෙහි ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කරගන්න.
              මෙම ආලේපනය ගැල්වීමට පෙර මුහුණ උණුවතුරෙන් ස්ටීම් කළ යුතුය. ඉන්පසු  හල්පිටි හා මී පැණි එක්කර පළමුව මුහුණේ ගලවන්න. ඉන්පසු හොදින් මුහුණ ස්ක්‍රබ් කර උණුවතුරෙන් මුහුණ සෝදා හරින්න. පසුව දොඩම් ලෙලි මිශ්‍රණය මුහුණේ හා ගෙලෙහි ගැල්විය යුතුය. පැය භාගයක් පමණ තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිය.




රුවැත්තියන්ගේ පාරාදීසය


පිරිපුන් කෙස් කළඹකට  කරපිංචා හා කොහොඹ කොළ සත්කාරය


                         වේගයෙන් හිසකෙස් වර්නධය කර  ගැනීම සඳහා විශ්මිත අත්දුටු බෙහෙත් සත්කාරයකි කරපිංචා සහ කොහොඹ. කරපිංචා සහ කොහොඹ යොදාගෙන කෙස්කළඹට පෝෂණයක් ලබාදෙන ආකාරය අපි අද ඔබට පවසන්නෙමු. 
                 හිසකෙස් නිරෝගී සම්පන්නව වර්ධනය වීම සඳහා අවශ්‍ය වන බොහෝ පෝෂක කොටස් කරපිංචා සහ කොහොඹ වල අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රති ඔක්ෂිකාරක මගින් කෙස් වැටීම  අඩුකර  කෙස් ශක්තිමත් කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-   කරපිංචා කොළ 
                       කොහොඹ කොළ 
                       සියඹළ කොළ 
                       යෝගට්   
                      
කරපිංචා සහ කොහොඹ තලපය සාදාගන්නා ආකාරය :-      කරපිංචා කොළ 08ක් පමණ කොහොඹ කොළ 8ක් පමණ සියඹලා කුඩු මේස හැදි 02ක් හා යෝගට් මේස හැදී 03ක් සපයාගන්න. ඉන්පසු මෙම සියල්ල බ්ලෙන්ඩරයකට දම අඹරා ගන්න. 
                                  ඉන් පසු මෙම තලපය  හිසේ අලේප කර විනාඩි 15ක් හෝ 20ක් පමණ මසාජ් කරන්න. ඉන්පසු ෂැම්පු භාවිතා කර  සෝදාහරින්න. සතියකට 2වරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න. මෙමගින් හිසකෙස් වැටීම අඩුවී හිසකෙස් වර්ධනය ඉක්මන් වේ. 





Tuesday, January 16, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

කැළැල් සහිත සමකට රුපලාවන්‍ය සත්කාරයක්


                                    සම මත ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සුවකර ගැනීම සඳහා මෙන්ම සම මත ඇතිවන කුරුලෑ කැළැල් සහ රැලි වැටීම් වැනි තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සාර්ථක ස්වභාවික සත්කාරයක් පිලිබදව අපි අද ඔබට පවසන්නෙමු. සම මත ඇතිවන මැරුණු සෛල ඉවත්කරන කුරුලෑ කැළැල් මකා දමන සමේ තෙතමනය ආරක්ෂා කරන ප්‍රතිඔක්ෂිකාරක  සහ වැදගත් පෝෂක ගණනාවක් මෙම සත්කාරය තුලින් ඔබට ලගකරගත් හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය :-                 බේකින් සෝඩා 
                                     ඔලිව් තෙල් 
සාදාගන්නා ආකාරය :-  පළමුව බේකින් සෝඩා ස්වල්පයක් බදුනට එකතු කර ඝන මිශ්‍රණයක්‌ සදා ගැනීමට ප්‍රමාණවත් වන තරමට ඔලිව් තෙල් එකතු කොට හොදින් මිශ්‍ර කරගන්න. පසුව එය තලපයක් ලෙස සාදාගන්නා.

             ඉන්පසු එය මුහුණේ අලේප කොට මින්ත්තු 5ක් හෝ 10ක් ගිය පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඔබ බලාපොරොත්තු වන ප්‍රතිපලය ලැබෙනතුරු සෑම දිනකටම වරක් භාවිතා කරන්න. ඉතාම කෙටි කලකින් ප්‍රතිපල  ලබාගත හැකිය. 







Monday, January 15, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

වේගයෙන් සහ ඝනව හිසකෙස් වර්ධනයට විශ්මිත කරපිංචා සත්කාරය 

              වේගයෙන් හිසකෙස් වර්නධය කර  ගැනීම සඳහා විශ්මිත අත්දුටු බෙහෙත් සත්කාරයකි කරපිංචා. කරපිංචා යොදාගෙන කෙස්කළඹට පෝෂණයක් ලබාදෙන ආකාරය අපි අද ඔබට පවසන්නෙමු. 
                 හිසකෙස් නිරෝගී සම්පන්නව වර්ධනය වීම සඳහා අවශ්‍ය වන බොහෝ පෝෂක කොටස් කරපිංචා වල අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රති ඔක්ෂිකාරක මගින් කෙස් වැටීම  අඩුකර  කෙස් ශක්තිමත් කරයි.

කරපිංචා ෂැම්පු සාදාගන්නා ආකාරය :-      කරපිංචා කෝප්ප කොළ භාගයක් හා වතුර කෝප්පයක් සපයාගන්න. විනාඩි 2ක් පමණ වතුර එක මද ගින්නේ රත්කරගෙන පසුව එයට කරපිංචා කොළ එකතු කරගන්න.වතුර ටික හොදින් කොළපාට වනතුරු මදගින්නේ රත්කරගන්න. පසුව මෙය නිවෙන්නට තබා පෙර ගන්න.
                                  එම කරපිංචා ජලය හිසේ අලේප කර විනාඩි 15ක් හෝ 20ක් පමණ මසාජ් කරන්න. ඉන්පසු ජලයෙන් සෝදාහරින්න. සතියකට 2වරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න. මෙමගින් හිසකෙස් වැටීම අඩුවී හිසකෙස් වර්ධනය ඉක්මන් වේ. 






Sunday, January 14, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

ඔලිව් තෙල් සත්කාරය 

                                     ඔලිව් තෙල් මහත් රුපලාවන්‍ය ගුණයෙන් යුත් සත්කාරයකි. ඔලිව් තෙල් භාවිතයේ ඉතිහසය රෝම ඉතිහාසයේ ක්ලියෝෆැට්රා යුගය දක්වා දිවයයි. ස්වභාවිකවම ඔලිව් තෙල් වල ප්‍රතිඔක්ෂිකාරක අඩංගු වේ.ඊට අමතරව විචලනයෙන්  සම ආරක්ෂා කිරීමටත් හිසකෙස් හා නියපොතු  පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියාව ඇත. ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිටම ඔලිව් තෙල් හිසකෙස්වලට සත්කාරයක් ලෙස භාවිතා කර ඇත. අද අපි ඔබට පවසන්නේ ඔලිව් තෙල් භාවිතයෙන් ඔබගේ හිසකෙස් වර්ධනය කරගන්න ආකාරයයි.

පලවෙනි ක්‍රමය :-     පළමුව ඔලිව් තෙල් මදක් රත්කර ගන්න. ඊට පසු   ඇගිලිතුඩු භාවිතයෙන් හිසකෙස්වල මුල සහ හිස්කබලේ වදින සේ  අලේප කරන්න. විනාඩි 15ක් හෝ 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න.  
  
දෙවැනි ක්‍රමය :- දුඹුරු සීනි ස්වල්පයකට ඔලිව් තෙල් මේස හැදි 1ක් බැගින් මිශ්‍ර කරගන්න. මෙයට දෙහි යුෂ ස්වල්පයක් ද එකතුකර ගන්න. මෙම මිශ්‍රණය මුළු ශරීරය පුර ආලේප කිරීමෙන් වඩාත් පැහැපත් සමකට උරුමකම් කීමට හැකියාව ලැබේ. විනාඩි 15ක් හෝ 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය නිතිපතා භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිය.


Thursday, January 11, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

තරබාරු බව අඩු  කිරීමට බෙහෙත් වට්ටෝරුවක්

                                සිහින් සිරුරකට උරුමකම් කීමට වර්තමාන තාරුණ්‍යය ඉතා කැමතිය. නමුත් කාර්යබහුලත්වය නිසා ක්‌ෂනික ආහාර ගැනිමට පුරුදුවීම නිසා   අනවශ්‍ය ලෙස තරබාරු වීම සාමාන්‍ය කරුණක්‌ බවට පත්ව ඇත. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත්කර තරබාරු සිරුර අඩුකරගත හැකි ඖෂධීය පානයක් නිවසේදීම සාදාගන්නා ආකාරය අද අපි ඔබට කියදෙන්නෙමු. 

අවශ්‍ය ද්‍රව්‍ය :-               උණුවතුර වීදුරු 1ක්
                                    කුරුදු කුඩු  
                                    මී පැණි 
                                    දෙහි හෝ ලෙමන් 

සාදාගන්නා ආකාරය :- 
                                    මුලින් රස්නය සහිත උණුවතුර වීදුරුවක් ගෙන එයට කුරුදු කුඩු තේ හැදි 1ක් ගෙන හොදින් කලවම් කරන්න. එහි කැබලි ඉතිරි වී ඇත්නම් පෙරනයක් ආදාරයෙන් එය පෙරා  ගන්න. ඉන්පසු එයට  ලෙමන් හෝ දෙහි ගෙඩි භාගයක යුෂ දමාගන්න. අවසානයේ මී පැණි තේ හැදි භාගයක්‌ දමා හොදින් දියකරගන්න.

මෙසේ හදාගත් පානය දවසේ ඕනෑම වේලාවක පානය කළ හැකිය. මෙය දිනපතා පානය කරන අතරතුර ව්‍යායාම වල යෙදුනහොත් ප්‍රතිපල දෙගුණ කරගත හැකිය. 
(උපුටා ගැනීම අන්තර්ජාලය )

රුවැත්තියන්ගේ පාරාදීසය

අර්තාපල් භාවිතයෙන් හම පැහැපත් කරගනිමු 

            සුන්දරත්වයෙන් ආශ්චර්යට පත්වීමට තාරුණ්‍යය ඉතා කැමතිය. එදිනෙදා අප විසින් භාවිතා කරන පළතුරු වර්ග ආහාර ස්වභාවික අමුද්‍රව්‍ය සමහරක් භාවිතයෙන් කිසිම අතුරු ආබාදයක් නොමැතිව  මුහුණ පැහැපත් කරන ආලේපන රැසක් නිවසේදීම සාදාගත හැකිය.
                       මුහුණ පිරිසිදු කරණ දීප්තියක්  එක්‌  කරන ස්වභාවික ආලේපනයක් සාදාගන්නා  අයුරු අද අප විසින් කියා දෙන්නෙමු.  

අවශය ද්‍රව්‍ය              :-  අර්තාපල් අල  
                                    රෝස වතුර 
                                    දෙහි යුෂ 
                                     මී පැණි 
සාදාගන්නා ආකාරය :- නරක්‌  නොවූ හොද අර්තාපල්  අලයක් තෝරාගෙන එහි පොතු සුද්දකර ගන්න. ඉන් පසු අර්තාපල් අලය කුඩා කෑලි වලට කපාගන්න. කපාගත් අර්තාපල් අල බ්ලෙන්ඩරයකට දමා එයට රෝස වතුර ද එක්කර ගන්න.  එම මිශ්‍රණයට තෙල් සහිත සමක් නම් දෙහි යුෂ ද , වියළි සමක් නම් මී පැණි ද එකතු කරගන්න. සමාන්‍ය සමක් නම් දෙහි යුෂ සහ මී පැණි ද එකතු කරන්න. ඉන් පසු එම මිශ්‍රණය හොදින් කලවම් කරගන්න.
                                 ඉන්පසු  මෙම ආලේපනය ඔබගේ අත්වල,මුහුණේ  සහ පාද වල අලේප කරන්න. විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. ආලේපනය ගල්වද්දී උඩු අතට ගෑමට අමතක නොකරන්න. නිවැරදි ප්‍රතිපල ලබාගැනීම සඳහා සතියකට තුන්වතාවක් මෙම මිශ්‍රණය අලේප කරන්න.   

(උපුටා ගැනීම අන්තර්ජාලය)

Monday, January 8, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමට බෙහෙත් වට්ටෝරුවක් 
                    සිහින් සිරුරකට උරුමකම් කීමට වර්තමාන තාරුණ්‍යය ඉතා කැමතිය. නමුත් කාර්යබහුලත්වය නිසා ක්‌ෂනික ආහාර ගැනිමට පුරුදුවීම නිසා   අනවශ්‍ය ලෙස තරබාරු වීම සාමාන්‍ය කරුණක්‌ බවට පත්ව ඇත. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත්කර තරබාරු සිරුර අඩුකරගත හැකි පානයක් නිවසේදීම සාදාගන්නා ආකාරය අද අපි ඔබට කියදෙන්නෙමු. 

අවශ්‍ය ද්‍රව්‍ය :-               උණුවතුර වීදුරු 1ක් 
                                    මී පැණි 
                                    දෙහි හෝ ලෙමන් 

සාදාගන්නා ආකාරය :- 
                                    මුලින් උණුවතුර වීදුරුවක් ගෙන එයට ලෙමන් හෝ දෙහි ගෙඩි භාගයක යුෂ දමාගන්න. අවසානයේ මී පැණි තේ හැදි භාගයක්‌ දමා හොදින් දියකරගන්න.

                                             මෙසේ හදාගත් පානය දවසේ ඕනෑම වේලාවක පානය කළ හැකිය. මෙය දිනපතා පානය කරන අතරතුර ව්‍යායාම වල යෙදුනහොත් ප්‍රතිපල දෙගුණ කරගත හැකිය. 

රුවැත්තියන්ගේ පාරාදීසය

මුහුණ පැහැපත් කර ගැනීමට ස්වභාවික ක්‍රමයක්

                                   එදිනෙදා අප විසින් භාවිතා කරන පළතුරු වර්ග ආහාර ස්වභාවික අමුද්‍රව්‍ය සමහරක් භාවිතයෙන් කිසිම අතුරු ආබාදයක් නොමැතිව  මුහුණ පැහැපත් කරන ආලේපන රැසක් නිවසේදීම සාදාගත හැකිය. මුහුණේ අවපැහැගැන්වීම සහ මැරුණු සම ඉවත් කරමින් මුහුණ පිරිසිදු කරණ දීප්තියක්  එක්‌  කරන ස්වභාවික ආලේපනයක් සාදාගන්නා  අයුරු අද අප විසින් කියා දෙන්නෙමු.  



අවශය ද්‍රව්‍ය              :-  නැවුම් රෝස මල් පෙති 
                                    කුඩු කරගත් දොඩම් ලෙලි
                                    යෝගට් 
සාදාගන්නා ආකාරය :- 
                               පළමුව රෝස මල් පෙති ටික පොඩ්කරගත යුතුය. ඉන් පසු එයට කුඩුකරගත් දොඩම් ලෙලි කුඩු මිශ්‍ර කර එයට යෝගට් ද මිශ්‍ර කර ආලේපනය සාදාගන්න. 
                                   ඉන්පසු එය ඔබගේ මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ අලේපකර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙම අලේපනයෙහි බැක්ටීරියා නාශක සහ විටමින් K,B සහ C අන්තර්ගත වේ. මෙම ආලේපනය භාවිතා කිරීමෙන් පසු පැය කිහිපයක් ගතවනතුරු හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකී සිටිය යුතුය. රෝස පෙති ආලේපනය මඟින් ඔබගේ මුහුණ සහ සම සජලීය කරමින් දීප්තිය වැඩිකරයි.





  

Saturday, January 6, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

තාරුණ්‍ය බව රැකගැනීමට රහස් වට්ටෝරුවක්

                                                    වයසට යාමත් සමග මුහුණේ ප්‍රත්‍යක්ෂ බව නැතහොත් ඇදෙනසුළු බව නැතිවී යයි. මේ සමගම මුහුනේ දීප්තිමත් බව සුසිනිදු බව නැතිවී සම රළු වී රැලි ඇති වේ. මේ රැලි ඇතිවනවත් සමගම ප්‍රතිකාරයකට යොමු නොවුනහොත් නැවත ඔබගේ මුහුණට තරුණ පෙනුමක් ලබා ගෙනිමට කවදාවත් නොහැකි වනු ඇත.  ඔබගේ තරුණ පෙනුම රැක ගැනීම සඳහා මෙම සත්කාරය භාවිතා කළ හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය:- දෙහි ගෙඩියක් 
                     රෝස වතුර කෝප්ප 1/2
                     බියර් කෝප්ප 1/2  

සාදාගන්නා අකාරය :- දෙහි ගෙඩියක යුෂ ගෙන රෝස වතුරෙන් හා බියර් යොදා හොදින් මිශ්‍රකර ගන්න 
                                                  ඉන්පසු මුහුණ හොදින් පිරිසිදු කර පුළුන් කැබැල්ලක්‌ යොදාගෙන මෙම මිශ්‍රණය මුහුණේ අලේප කරන්න. සීයට සීයක් ප්‍රතිපල ලබා ගැනීම සදහා මෙම ආලේපය රාත්‍රියේදී අලේප කර නින්දට යන්න. එවිට මෙය මුළු රෑ පුරා මුහුණේ රැදෙන නිසා හොදින් මුහුණ හා වැටිමට අවකාශය ලැබේ. දිනපතා භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිය.


                                                                                (උපුටා ගැනීම අන්තර්ජාලය)

රුවැත්තියන්ගේ පාරාදීසය

මුහුණේ දුර්වර්ණ බව නැතිකිරීම සදහා බෙහෙත් වට්ටෝරුවක්

                                                මුහුණේ දුර්වරණ බව ඉවත් කරගැනීම සඳහා මෙන්ම හම පැහැපත් කරගැනීම සදහා ද මෙම සත්කාරය භාවිතා කළ හැකිය

අවශ්‍ය ද්‍රව්‍ය :-    කොහොබ කොළ
                         අමු කහ අලයක්
                         ගා ගත පොල්  

 සාදාගන්නා ආකාරය:-  
                               මුලින්ම කොහොබ කොළ ටික හොදින් සෝදා ගන්න. අමු කහ අලයද සුද්දකර හොදින් සෝදා ගන්න. ඉන් පසු ගා ගත් පොල් ටිකත් අමු කහ අලය සහ කොහොබ කොළ ටික සිහින්ව අබරා ගන්න. 
    ඉන් පසු මුහුණ හොදින් සෝදා පිරිසිදු කර මෙම මිශ්‍රණය මුහුණේ අලේප කරන්න. විනාඩි දහයක් පමණ වේලෙන්නට හැර පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. දිනපතා මෙම සත්කාරය භාවිතා කිරීමෙන් මුහුනේ දුර්වර්ණය ඉවත්වී හම පැහැපත් වනු ඇත.
                                  
                                                                                                                       (උපුටා ගැනීම අන්තර්ජාලය)




රුවැත්තියන්ගේ පාරාදීසය

කෝමාරිකා සත්කාරය



                      කෝමාරිකා යනු වටිනා ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකයකි. රුපලාවන්‍ය කටයුතු සඳහා ද මෙම ඖෂධය භාවිතා කරනු ලබයි. කෝමාරිකා වල මද සමේ තුවාල ඉක්මනින් සුව කරයි. එසේම සමේ දුර්වර්ණ බවද ඉවත්කරයි. සම සුසිනිදු කරයි. ඊට අමතරව හිසේ ඇතිවන හිස්හොරි හා හිසකෙස් වල හටගන්නා රෝග වලටත් කෝමාරිකා ඖෂධයක් වේ. කෝමාරිකා මද අලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා වේ. සම හිරු එලියට පිළිස්සීම වලකයි. විෂබීජ නාශක ගුණයෙන් යුක්ත නිසා සමේ ඇතිවන ආසාදන තත්ත්ව වලට ද ගුණදායක වේ. පිරිම් අයගේ රැවුල බෑමෙන් ඇතිවන තුවාල වලටත් කෝමාරිකා සුවදායක වේ. රැවුල බෑමෙන් පසු කෝමාරිකා ඉස්ම මුහුණේ අලේප කර මද වෙලාවක් තිබීමෙන් සමේ වියලීයාම වළකයි. කුරුලෑ සුවකරන කෝමාරිකා වල ඇති රසායනික සංයෝගය නිසා සුළු කැපුම් තුවාල සුව කරයි. ඒ වගේම සමේ ඉදිමීම රතුවීම වැනි තත්ත්ව පාලනය කරයි. මුඛ රෝගවලටත් කෝමාරිකා ගුණදායක ඖෂධයක් වේ. කෝමාරිකා මද ඉස්ම පානය කිරීමෙන් මුඛය සේදීමෙන් හා මුඛයේ අලේප කිරීමෙන් කටකොන් වනවීම විදුරුමස් ඉදිමීම සහ විදුරුමාස් වලින් ලේ යාම සුව කරයි. කෝමාරිකා බොහෝ කායික රෝග වලටද ගුණදායක වේ.

                                                                                                                    (උපුටා ගැනීම අන්තර්ජාලය)



Friday, January 5, 2018

රුවැත්තියන්ගේ පාරාදීසය

පෙරවදන
       අපගේ ජිවිතයේ සෑම අදියරක්ම සුවිශේෂී කර ගැනීමට උත්සාහ කිරීම තුල අනෙක් සෑම දෙනාටම ප්‍රියජනක ආදරණීය පුද්ගලයෙකු බවට පත් විය හැකිය. සුන්දරත්වයෙන් ආශ්චර්‍යයට පත්වීම සඳහා වර්තමාන තාරුණ්‍ය ඉතා කැමතිය. පැහැපත් සුන්දර සමක් මෙන්ම තරුණ පෙනුමක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ උපදෙස් මාලාවක් තාරුණ්‍යයට ලබාදීමට මෙම රුවැත්තියන්ගේ පාරාදීසය තුළින් බලාපොරොත්තු වේ. ව්‍යාජත්වයෙන් තොර සැබෑ සුන්දරත්වයක්‌ උදෙසා ස්වභාවික රුපලාවන්‍ය සත්කාර නිවැරදිව කර ගැනීම සදහා මෙහි සදහන් උපදෙස් තාරුණ්‍යයට මනා පිටුවහලක් කරගත හැකිය.