තරබාරු බව අඩු කිරීමට බෙහෙත් වට්ටෝරුවක්
සිහින් සිරුරකට උරුමකම් කීමට වර්තමාන තාරුණ්‍යය ඉතා කැමතිය. නමුත් කාර්යබහුලත්වය නිසා ක්ෂනික ආහාර ගැනිමට පුරුදුවීම නිසා අනවශ්‍ය ලෙස තරබාරු වීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත්කර තරබාරු සිරුර අඩුකරගත හැකි ඖෂධීය පානයක් නිවසේදීම සාදාගන්නා ආකාරය අද අපි ඔබට කියදෙන්නෙමු.
අවශ්‍ය ද්‍රව්‍ය :- උණුවතුර වීදුරු 1ක්
කුරුදු කුඩු
මී පැණි
දෙහි හෝ ලෙමන්
සාදාගන්නා ආකාරය :-
මුලින් රස්නය සහිත උණුවතුර වීදුරුවක් ගෙන එයට කුරුදු කුඩු තේ හැදි 1ක් ගෙන හොදින් කලවම් කරන්න. එහි කැබලි ඉතිරි වී ඇත්නම් පෙරනයක් ආදාරයෙන් එය පෙරා ගන්න. ඉන්පසු එයට ලෙමන් හෝ දෙහි ගෙඩි භාගයක යුෂ දමාගන්න. අවසානයේ මී පැණි තේ හැදි භාගයක් දමා හොදින් දියකරගන්න.
මෙසේ හදාගත් පානය දවසේ ඕනෑම වේලාවක පානය කළ හැකිය. මෙය දිනපතා පානය කරන අතරතුර ව්‍යායාම වල යෙදුනහොත් ප්‍රතිපල දෙගුණ කරගත හැකිය.
(උපුටා ගැනීම අන්තර්ජාලය )

Niyamaiii
ReplyDeleteNice
ReplyDelete