පිරිපුන් කෙස් කළඹකට කරපිංචා හා කොහොඹ කොළ සත්කාරය
වේගයෙන් හිසකෙස් වර්නධය කර ගැනීම සඳහා විශ්මිත අත්දුටු බෙහෙත් සත්කාරයකි කරපිංචා සහ කොහොඹ. කරපිංචා සහ කොහොඹ යොදාගෙන කෙස්කළඹට පෝෂණයක් ලබාදෙන ආකාරය අපි අද ඔබට පවසන්නෙමු.
හිසකෙස් නිරෝගී සම්පන්නව වර්ධනය වීම සඳහා අවශ්‍ය වන බොහෝ පෝෂක කොටස් කරපිංචා සහ කොහොඹ වල අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රති ඔක්ෂිකාරක මගින් කෙස් වැටීම අඩුකර කෙස් ශක්තිමත් කරයි.
අවශ්‍ය ද්‍රව්‍ය :- කරපිංචා කොළ
කොහොඹ කොළ
සියඹළ කොළ
යෝගට්
කරපිංචා සහ කොහොඹ තලපය සාදාගන්නා ආකාරය :- කරපිංචා කොළ 08ක් පමණ කොහොඹ කොළ 8ක් පමණ සියඹලා කුඩු මේස හැදි 02ක් හා යෝගට් මේස හැදී 03ක් සපයාගන්න. ඉන්පසු මෙම සියල්ල බ්ලෙන්ඩරයකට දම අඹරා ගන්න.
ඉන් පසු මෙම තලපය හිසේ අලේප කර විනාඩි 15ක් හෝ 20ක් පමණ මසාජ් කරන්න. ඉන්පසු ෂැම්පු භාවිතා කර සෝදාහරින්න. සතියකට 2වරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න. මෙමගින් හිසකෙස් වැටීම අඩුවී හිසකෙස් වර්ධනය ඉක්මන් වේ.

Honda kramayak...
ReplyDeleteanna wede karala balamuko....
ReplyDeleteanna wede karala balamuko....
ReplyDeleteanna wede karala balamuko....
ReplyDelete