පෝෂණීය දොඩම් සත්කාරය
සුන්දරත්වයෙන් අශ්චර්යයට පත්වීම සඳහා භාවිතා කළ හැකි අමුද්‍රව්‍යකි දොඩම්. මෙම දොඩම් වල සී විටමින් අඩංගු වන අතර එය සම පැහැපත් වීම සඳහා හේතුකාරක වේ. අද අප ඔබට පවසන්නේ සම පැහැපත් කරගන්න භාවිතා කළ හැකි පහසු ක්‍රමයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය :- දොඩම් ලෙලි
පිරිසිදු කිරි
මී පැණි
හාල් පිටි
සාදාගන්නා ආකාරය :- දොඩම් ලෙලි දවස් දෙකකක් පමණ අව්වේ වේලාගන්න. ඉන් පසු එය හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු එම දොඩම් ලෙලි කුඩු තේ හැදි 02ක්, කිරි තේ හැදි 02ක් සහ මී පැණි තේ හැදි 02ක් එකතු කර ගන්න. එයට දෙහි ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කරගන්න.
මෙම ආලේපනය ගැල්වීමට පෙර මුහුණ උණුවතුරෙන් ස්ටීම් කළ යුතුය. ඉන්පසු හල්පිටි හා මී පැණි එක්කර පළමුව මුහුණේ ගලවන්න. ඉන්පසු හොදින් මුහුණ ස්ක්‍රබ් කර උණුවතුරෙන් මුහුණ සෝදා හරින්න. පසුව දොඩම් ලෙලි මිශ්‍රණය මුහුණේ හා ගෙලෙහි ගැල්විය යුතුය. පැය භාගයක් පමණ තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිය.

Apathe daana deyn unath prayojanayak ganna puluwan...
ReplyDeleteGood
👌👌
ReplyDelete