කුරුලෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට තක්කාලි සත්කාරය
තක්කාලි යනු අපි එදිනදා භාවිතා කරන ආහාරයකි. අපගේ රුව ලස්සන කර ගැනීම සඳහා ද තක්කාලි භාවිතා කළ හැකිය. තක්කාලි සතුව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොෆෙන් මගින් අපගේ සමට වාසි රැසක් අත්කරදෙයි. මේ ප්‍රතිඔක්සිකාරකය මගින් සම පාරජම්බුල කිරණින් ආරක්ෂා කරයි. අකලට සම වයසට යෑම වැලැක්වීම සහ චර්ම පිලිකා ඇතිවීම වලක්වාලීමක් සිදු වේ.
තක්කාලි තුල ඇති ප්‍රතිඔක්සිකාරක බලය නිසා තක්කාලි යුෂ සම මත අලේප කිරීමෙන් සමට හානිවීම වලක්වාගත හැකිය. මුහුණේ සමෙහි ඇති සිදුරු හරහා මුහුණේ ඇති තෙල් පිටතට ශ්‍රාවය වීම නිසා කුරුලා ඇතිවී එය වර්ධනය වේ. තක්කාලි යුෂ තුල අන්තර්ගතවන ආම්ලිකතාවය නිසා තක්කාලි යුෂ කුරුලෑවක් මත අලේප කිරීමෙන් සමෙහි සිදුරු සිරවීමක් ඇතිකර තෙල් ශ්‍රාවය වීම වළක්වා කුරුලෑව සුව කරයි.
තක්කාලි ගෙඩියක් ගෙන එය දෙබෑ
කර තක්කාලි යුෂ ආශාදිත ස්ථානයේ අලේප වන පරිදි මුහුණේ අලේප කරන්න. මේ ආකාරයට තත්ත්පර 20 පමණ තක්කාලි කැබැල්ල මුහුණේ ගා ඇල් මැරුණු ජලයෙන් සෝදාහරින්න. මෙම සත්කාරය මගින් කුරුලෑ ලප කැළැල් සාර්ථකව ඉවත්කර ගත හැකිය. එසේම මුහුණේ ඇති කුණු දුහුවිලි ආදිය ද ඉවත්කරගත හැකිය.
face wash එකක් ලෙස ද තක්කාලි භාවිතා කළ හැකිය. කුඩා භාජනයක් ගෙන එයට තක්කාලි යුෂ මේස හැදී කිහිපයක් දමා එයට ලෙමන් බින්දු කිහිපයක් එක්කර හොදින් මිශ්‍ර කරගන්න. ඉන් පසු කුඩා පුළුන් කැබැල්ලක් ගෝලයක් ලෙස සකසා මේ මිශ්‍රණයේ පොගවා සමේ අසාදනය වී ඇති ස්ථානවල අලේප කරන්න. විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර උණු ජලයෙන් සෝදා හරින්න. තක්කාලි ලයිකොෆෙන් වලින් පොහොසත් නිසා තක්කාලි යුෂ අලේප කිරීම මගින් සම තුලට ඔක්ෂිජන් උරා ගැනීම වේගවත් කර සම ඉක්මනින් වයසට යාම වළක්වා සම රැලි වැටීම වලක්වයි. සමට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා තක්කාලි යුෂ දිනපතා භාවිතා කළ හැකිය. 
Kalin danagena hitiye Naha me gana.
ReplyDeleteThanks...
මේක නම් ගොඩක් වටිනවා
ReplyDeletegodak watina sathkarayak
ReplyDelete