ඔලිව් තෙල් සත්කාරය
ඔලිව් තෙල් මහත් රුපලාවන්ය ගුණයෙන් යුත් සත්කාරයකි. ඔලිව් තෙල් භාවිතයේ ඉතිහසය රෝම ඉතිහාසයේ ක්ලියෝෆැට්රා යුගය දක්වා දිවයයි. ස්වභාවිකවම ඔලිව් තෙල් වල ප්රතිඔක්ෂිකාරක අඩංගු වේ.ඊට අමතරව විචලනයෙන් සම ආරක්ෂා කිරීමටත් හිසකෙස් හා නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියාව ඇත. ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිටම ඔලිව් තෙල් හිසකෙස්වලට සත්කාරයක් ලෙස භාවිතා කර ඇත. අද අපි ඔබට පවසන්නේ ඔලිව් තෙල් භාවිතයෙන් ඔබගේ හිසකෙස් වර්ධනය කරගන්න ආකාරයයි.
පලවෙනි ක්රමය :- පළමුව ඔලිව් තෙල් මදක් රත්කර ගන්න. ඊට පසු ඇගිලිතුඩු භාවිතයෙන් හිසකෙස්වල මුල සහ හිස්කබලේ වදින සේ අලේප කරන්න. විනාඩි 15ක් හෝ 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න.
දෙවැනි ක්රමය :- දුඹුරු සීනි ස්වල්පයකට ඔලිව් තෙල් මේස හැදි 1ක් බැගින් මිශ්ර කරගන්න. මෙයට දෙහි යුෂ ස්වල්පයක් ද එකතුකර ගන්න. මෙම මිශ්රණය මුළු ශරීරය පුර ආලේප කිරීමෙන් වඩාත් පැහැපත් සමකට උරුමකම් කීමට හැකියාව ලැබේ. විනාඩි 15ක් හෝ 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය නිතිපතා භාවිතා කිරීමෙන් ඉක්මන් ප්රතිපල ලබාගත හැකිය.

Godak Honda sathkaarayak...
ReplyDeleteniyamai me post eka godak ayata godak wedagath wei
ReplyDeleteniyamai me post eka godak ayata godak wedagath wei
ReplyDelete