අඳුරු දෙතොල්වලට රෝස පැහැයක්
දිගු කාලයක් තොල් ආලේපන ගැලවීම මඟින් දෙතොල් වල රෝස පැහැය අඩු වී අදුරු පැහැයක් ගනියි. මිට අමතරව දුම්බීමට පුරුදු වූ පුද්ගලයන්ගේ පෙනුමත් රළු හා අඳුරු පැහැ ගැන්වෙයි. දෙතොල් අවපැහගැන්වීමට තවත් විවිද වූ හේතු පවතී. ඒවා අතරින් අඩු රුධිර සංසරණය , අධි පීඩනය, අධික ආද්‍රතව, නිදාගැනීමට පෙර මේකප් නොසේදීම යන හේතු වේ.
අපි අද ඔබට පවසන්නේ අදුරුපැහැගැන්වූ දෙතොල් රෝස පැහැය නැවත ඇතිකර ගැනීමට සහ ඒවා තවත් ආකර්ෂණය කර ගැනීමට භාවිතා කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳවයි.
මුලින් ම නැවුම් දෙහි ගෙඩියක් ගෙන මිරිකා දෙහි යුෂ කෝප්පයක් සාදාගන්නා. ඉන්පසු සීනි තේ හැදී 1ක් මෙම දෙහි කෝප්පයට එකතු කරන්න. සීනි කැට දිය නොවන ලෙස කලවම් කර ගන්න. සාදාගත් මිශ්‍රණය තොල් වල ගලවන්න. ටික වෙලාවක් සෙමින් අතුල්ලන්න. මෙය අතුල්ලා ගැනීමේදී තොල්පටවල ඇති මැරුණු සෛල සෙමෙන් ගැලවී යයි. ටික වෙලාවකින් තොල් උණු ජලයෙන් සෝදාහරින්න . මෙම සත්කාරය සිදු කිරීමෙන් තොල් වලට රෝස පහැයක් සහ දීප්තියක් පැමිණේ. මෙම ප්‍රතිකාරය දින 05ක් හෝ 06ක් එකදිගට සිදුකිරීම මඟින් තොල් වල රෝස පහැය සම්පුර්ණයෙන්ම ලබාගත හැකිය.
තොල් ආලේපන ගැල්වීමෙන් පසුව නිදාගැනීමට පෙර ඒවා හොදින් ඉවත් කර ගැනීම පුරුද්දක් කර ගතයුතුය. එසේම නිදා ගැනීමට පෙර තොල් මත දෙහි යුෂ අලේප කර නින්දට යාමෙන් වඩාත් සුවදායි ප්‍රතිපල ලගාකරගත හැකිය. මෙම ප්‍රතිකාරය තොල්වල රෝස පැහැය පවත්වා ගැනීමට උපකාරී වනවා වගේම තොල් මත සම ආරක්ෂා කරයි.


This is very important article...
ReplyDelete👌
Hoda article akak
ReplyDeleteSuperb one
ReplyDelete