රුව වඩන කැරට්
සුන්දරත්වය ආරක්ෂා කරගැනීම සඳහා කැරට් ඉතා වැදගත් සත්කාරයකි. කැරට් ශරීර සෞඛ්‍යයට ගුණදායක බව අප කවුරුත් දන්නා රහසකි. කැරට් විශේෂයෙන්ම අක්ෂි, සම, දත්සහ ආහාර ජීර්ණ පද්දතියට සුවදායක වේ. කැරට් තුල සපිරි මෙම වාසි නිසා විවිද පාන වර්ග කැරට් භාවිතයෙන් සකස් කරනු ලැබේ. කැරට් යුෂ පානය කිරීමෙන් අපගේ ශරීරයට අත්වන වාසී රැසකි.
- කැරට් විටමින් A වලින් පොහොසත් වේ. කැරට් යුෂ දිනපතා පානය කිරීම මඟින් අක්ෂි සෞඛ්‍ය වර්ධනය වන අතර අස්ථි වල පටක වලට අවශ්‍ය වර්ධනය වේගවත් වේ.
- කැරට් වල විටමින් C අඩංගු වේ. කැරට් යුෂ දිනපතා පානය කිරීමෙන් සමෙහි කොලේජින් නිර්මාණය වීම දත්, අස්ථි සහ පටල වළ සෞඛ්‍ය වර්ධනය වීම සිදු වේ. කැරට් ඉතා උසස් ගනයේ ප්‍රති ඔක්ශිකාරකයක් වන නිසා ඔබ පානය කරන කැරට් යුෂ පානයට දෙහි හෝ ලෙමන් එකතු කරා පානය කරන්න.
- කැරට් තුල පොටෑසියම් ද අඩංගු වේ. ශරීරයේ සෛල තුළ විද්‍යුත් විචල්‍යයන් සහා තරලයන් නිසි ලෙස සමබර කිරීමට අත්‍යවශ්‍ය ඛනිජයන් මේ තුල අඩංගු වේ. මාංශපේශිවල නිසි ක්‍රියාකාරිත්වයට ද කැරට් ඉතා ගුණදායක වේ.
- කැරට් යුෂ පානය කිරීම මඟින් මාංශ පේශි පෙරලීම, කුරුලෑ ඇතිවීම, වකුගඩු රෝග සහ සම වියලීම දුරුකිරීම සිදු කරයි.
- කැරට් විටමින් හා ඛනිජ වලින් පොහොසත් වේ. උදැසන කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම මඟින් ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලැබේ.
පැහැපත්විමට කැරට් සත්කාරයක්
මුහුණේ ප්‍රානවත් බව රැක ගැනීමට සහ සම රැලි වැටීම වැළකීමට කැරට් ඉතා වැදගත් සත්කාරයක් වේ. සමේ පැහැපත් බව ආරක්ෂා කරගැනීමට ද කැරට් ඉතා වැදගත් වේ.



Karat kanawa Nam honday.. But samaharu kanne Naha.. Thanks mewa kiyala denawata....
ReplyDeletekamu kamu කැරට් kamu
ReplyDeletekamu kamu කැරට් kamu
ReplyDeleteMekanam aththaa.athduduwai prathyakshai
ReplyDelete