කෝමාරිකා යනු වටිනා ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකයකි. රුපලාවන්ය කටයුතු සඳහා ද මෙම ඖෂධය භාවිතා කරනු ලබයි. කෝමාරිකා වල මද සමේ තුවාල ඉක්මනින් සුව කරයි. එසේම සමේ දුර්වර්ණ බවද ඉවත්කරයි. සම සුසිනිදු කරයි. ඊට අමතරව හිසේ ඇතිවන හිස්හොරි හා හිසකෙස් වල හටගන්නා රෝග වලටත් කෝමාරිකා ඖෂධයක් වේ. කෝමාරිකා මද අලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා වේ. සම හිරු එලියට පිළිස්සීම වලකයි. විෂබීජ නාශක ගුණයෙන් යුක්ත නිසා සමේ ඇතිවන ආසාදන තත්ත්ව වලට ද ගුණදායක වේ. පිරිම් අයගේ රැවුල බෑමෙන් ඇතිවන තුවාල වලටත් කෝමාරිකා සුවදායක වේ. රැවුල බෑමෙන් පසු කෝමාරිකා ඉස්ම මුහුණේ අලේප කර මද වෙලාවක් තිබීමෙන් සමේ වියලීයාම වළකයි. කුරුලෑ සුවකරන කෝමාරිකා වල ඇති රසායනික සංයෝගය නිසා සුළු කැපුම් තුවාල සුව කරයි. ඒ වගේම සමේ ඉදිමීම රතුවීම වැනි තත්ත්ව පාලනය කරයි. මුඛ රෝගවලටත් කෝමාරිකා ගුණදායක ඖෂධයක් වේ. කෝමාරිකා මද ඉස්ම පානය කිරීමෙන් මුඛය සේදීමෙන් හා මුඛයේ අලේප කිරීමෙන් කටකොන් වනවීම විදුරුමස් ඉදිමීම සහ විදුරුමාස් වලින් ලේ යාම සුව කරයි. කෝමාරිකා බොහෝ කායික රෝග වලටද ගුණදායක වේ.
(උපුටා ගැනීම අන්තර්ජාලය)

Wadagath lipiyak.....
ReplyDelete👍
ReplyDelete